කෙනෙක් කැඩිච්ච සිංහල භාවිතා කිරීම තුළ කැඩිච්ච සංස්කෘතියක් අභ්‍යන්තරික වශයෙන් තමා තුළ ගොඩනැගී ඇති බව වටපිටාවට ප්‍රදර්ශනය වේ.
කෙනෙක් කැඩිච්ච සිංහල භාවිතා කිරීම තුළ කැඩිච්ච සංස්කෘතියක් අභ්‍යන්තරික වශයෙන් තමා තුළ ගොඩනැගී ඇති බව වටපිටාවට ප්‍රදර්ශනය වේ. එහෙම නැත්තන් එවැනි උපසංස්කෘතියකට හෝ සංස්කෘතියකට අවතීර්ණ වෙන පුද්ගලයකු බව වුවද දැක හදුනාගත හැකිවන බව මගේ නිගමනයයි.
ඒ විතරක් නෙවෙයි කෙනෙක් භාෂාව භාවිතා කරන්නෙ ඇත්තටම මොන අරමුණු ඔස්සේද යන්න වුවද තියුණු නිරීක්ෂණයක යෙදෙන කෙනෙක්ට අවබෝධ කරගත හැකිවේවි. සමහරු පොෂ් වෙන්න, සමහරු වැදගත් වෙන්න, සමහරු සමාජශීලී වෙන්න, සමහරු නිකන් ඉන්න එකේ කියව කියව ඉන්න, සමහරු අදහස් බෙදා ගන්න ආදී විවිධාකාර විදිහට මේක කතා කිරීම කියන එක සිදුකරත් ඇත්තෙන්ම ඒක අපට අදාළ කාරණයකුත් නෙවෙයි.
එසේ මෙසේ කෙසේ කතා කරත් අපේ සිංහල මව් භාෂාව උනත් හැදිලා තියෙන්නේ , ඒක විකාශනය වෙලා තියෙන්නේ මේ ලංකාව කියන රට මුල් කරගෙන. එතකොට ඒක නිකන්ම නිකන් භාෂාවක් විදිහට මතුපිටින් පෙනුනත් භාෂා විශාරදයන් එහි ස්වභාවය උපයෝගී කරගෙන සිංහල කියන භාෂාව ස්පර්ශ වුණ හැම පැතිකඩක්ම හා ඒ හා සබැඳි සියලූම පද්ධතීන් පිළිබඳ හරි අමුතුම නිගමනයකට එලඹෙනවා. ඒ තමයි භාෂාව ගැටුණු පරිසරයන් හා පද්ධති තුළ, තිබුණු හා තියෙන සංස්කෘතිය. ඒ හා බැඳුණ ගලායාම. ඒ ගලායාම තුළින් භාවිතා කරන මානව වර්ගයා තුළ අභ්‍යන්තරික වශයෙන් සිදුවන සිතුවිලි ගලා යාම, ඒ ඔස්සේ නිරීක්ෂණය කරන කොට භාෂාව ඔස්සේ විකාශනය වුණ චින්තනය හෝ තිබුණු චින්තනය මගින් විකාශනය වුණ භාෂාව. ඒ වගේම අනාගතය තුල එකී භාෂාව චින්තනය වෙනුවෙන් පෙළගැසෙන්නෙ කොහොමද, ඒ භාෂාවත් චින්තනයත් මගින් සමාජශීලි වුණ නොවුණ ගෝලීයකරණය වුණ නොවුණ මනුස්ස ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වය මොනවිදිහකින් වෙනවාද....
මේ ආකාරයෙන් අර්ථකථන මව්බස කියන දේ ඔස්සේ විමර්ශනය කරන්න පුළුවන්.
කොටින්ම කියනවා නම් යම් මනුස්ස ප්‍රජාවක් තුළ භාවිතා කරන මව් භාෂාව මගින් ඒ ප්‍රජාව තුළ සිය චින්තනය සකස් වී ඇති ආකාරය අවබෝධ කර ගත හැකියි. ඇත්තෙන්ම අන්‍ය භාෂා පිළිබඳ ප්‍රවීණත්වයක් මා තුළ නැතත් මා සිතනා පරිදි, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, දාර්ශනික චින්තනය මහ පුදුමාකාරයි. පෙරදිග විඥාණවාදී චින්තනය තුළ ශ්‍රී ලංකාව නම් දූපත තුළ මුල්බැස ඇති චින්තන සුවිශේෂී බවක් ඇති බව දැකගත හැකියි. ඇරත් එය ලෝකයට ඉතා විශාල මෙහෙවරක් කරන බව නම් ඒකාන්තයෙන්ම කිවහැකියි කියලා තමයි මගේ අදහස. එය හුදෙක් ශ්‍රී ලාංකිකයෙක් ලෙස මමත්වයෙන් පවසන ලද්දකට වඩා එහා ගිය අර්ථවත් බව නිසාම හදවතට එකගව දී ඇති වැදගත්කමකි. එහි ප්‍රයෝජන අද ලෝකය තුළ වැඩිපුරම නෙළාගන්නේ පිටස්තරයින් ය. ඇතැමුන් එයට මූල්‍යමය වටිනාකම් දී ඇත. ඇතැමුන් විඥාවාදී දර්ශනය වැදගත් ලෙස පවසමින්ම ඒත් මූල්‍යමය වටිනාකම්ම ලබා දී ඇත. දර්ශනය මාකට් කරනවා යන ව්‍යවහාරයෙන් එය සමාජගත වේ. එහි හරි වැරදි මා නොදන්නා නමුත් ගලායාම එයයි.
නමුත් ඔබ උපන් බිමට එහි අනන්‍යතාවයට විශේෂයෙන්ම මේ ලිපියේ තේමාව වුණ මව්බස ට, ගරුකරන්න යැයි මම යෝජනා කරනවා.
මේ කියන්නෙ සංස්කෘතික වහලෙක් වෙන්න කියා එහෙම නෙවෙයි. ඇත්තටම මේ ගරු කිරීම යන්නෙන් මම අදහස් කරන්නේ, ඒ තුළින් ඇත්තටම ඔබ අතින් සිද්ධ වෙන්නේ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කරන සේවයක්. ඒක හරිම තේරුමක් ඇති වැඩක්.
ඒක කරන්නෙ කොහොමද ?
මව්බස කතා කරන්න... 👁️
අපි දන්නවා කොහේ හෝ භාෂාවක් මුල් බහින්නෙ එය භාවිතය හොඳින් සිදුවෙනවා නම්. එය සක්‍රීයයි නම්. ක්‍රියාකාරී නම්. එතකොට ඒ එක්ක භාෂාව විතරක් නෙවෙයි භාෂාවෙ මුල් ඇතුලෙ හැංගිලා තියෙන ආවේණිය තමයි ඒ ඇත්තටම මුල් බහින්නෙ. ඒ කියන්නෙ චින්තනය.
ම්ව්බස කතා කරා කියමු. එතකොට හරියනවද ?
නෑ එහෙම නෙවෙයි. මේක කතා කරන්න ඕනි විදිහක් තියෙනවා...
ඒ කියන්නෙ ?
ඒකට ගෞරවයක් දෙමින් කතා කරන්න....
ඒ කොහොමද ?
භාෂාව භාවිතා කරල හිතන්න කියල නෙවෙයි කියන්නෙ. දැනෙන දේ භාෂාවට නගන්න කියලායි කියන්නෙ. අපි ඒකෙන් පුරුදු වෙනවා සිතුවිලි නිහඩ කරල හදවත විවර කරන්න . ඇත්තටම මේ කිව්වෙ නම් ටිකක් ගැඹුරු කතාවක්.
ගොඩක් වෙලාවට වෙන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් තුළ, සිතුවිලි මගින් හදවත වහන එක. ඒත් අපි හදවතට ඉඩ දුන්නොත් සිතිවිලි නිහඩ කරන්න ඇතුලාන්තයේ දැනෙන ඕනෑම දෙයක් හරි පහසුවෙන් එළියට ගන්න පුළුවන්. ඒත් තේරුම් ගන්න අපහසුයි වගේ නම් අපි ඒ කතාව මදකට අමතක කරලා දාලා ඊලග කතාවට ඇහුන්කන් දෙමු…
~ [අපේ භාෂාව රැකගනිමු (2)]
Comments
Post a Comment