අපි ආදරය කරන්නෙ ඇත්තටම ද?

ආදරේ ගැන වඩාත් අවංකව කතා කරමුද?
ඇත්තටම ඒක බොරුවක්. රැවටීමක්. එහෙම කිව්වොත් පිළිගන්න පුළුවන් ද?

අපි බලෙන් හදාගන්නවා සිතුවිලි,  මෙහෙම වෙන්න ඕනි අරෙහෙම වෙන්න ඕනි කියල. ඒත් ඒ එකක්වත් පරම අර්ථයේ ඇති දේවල් නෙවෙයි නේද? එය මේ මොහොතට පවතින දෙයක් නෙවෙයි නේද? මවාගැනීම් නොවේද? ආදරය කියල දෙයක් මේ ලෝකෙ නැතිනම්....ඇත්තටම ඒක මායාකාරී ලෝකයක් වගේ දෙයක් නම්....

මේ කියන්න යන ආදරය ඕනි තැනකට අදාළයි. ඒක ආදරවන්තයින්ට විතරක් නෙවෙයි, දරුවන් - දෙමාපියන්, මිතුරන්, ගුරු - ශිෂ්‍යයන් ආදී නොයෙකුත් ආකාරයේ ඕනෑම ආදරණීය චරිත වලට වලංගුයි.

අපි මෙහෙම හිතමු, "ආදරය කියල දෙයක් තියෙනවා කියල අපි හිතාගෙන ඉන්නව".

 කතාව කෙතරම් දරුණු වුවත්, මා නම් කියන්නේ, අපේ තියෙන මොකද්දෝ අඩුපාඩුවක් නිසා, ඒව වහගන්න තව කෙනෙක්ගෙන් පිළිසරණක් පතනව ආදරයේදී. එහෙම නැත්තන් අවධානයක් ලබා ගන්නව. ඔය වගේ මොකක් හරි දේකට තමයි ආදරය කියල කියන්නේ. ඇත්තටම ඒක බොරුවක් නම් එහෙම දෙයක් මේ ලෝකෙ නෑ නම්.... ?
කෙනෙකට පුළුවන් නම් හුඟාක් හුඟාක් හදවත විවෘත කරල මේ ලෝකෙ හැම කෙනෙක්ටම ආදරය කරන්න....

එහෙම වෙන්න පුළුවන් ද ඒක ඇත්තටම? 
එහෙම කරන්න පුළුවන් වෙනකොට  තේරුම් ගන්න බැරි වෙන දෙයක් තමයි තමයි, ඇයි එක්කෙනෙක්ට විතරක් විශේෂත්වයක් දෙන්න ඕනි කියල. ආදරය කරන කෙනා ගෙන් මොකුත් ගන්න කඩා ගන්න හිතනවනම් ඇරෙන්න ඔයාට එයා ගැන අමුතු සැලකිල්ලක් දක්වන්න ඕනි කමක් නැහැ නේද. ඔයා එයා ගැන එහෙම සැලකිල්ලක් දක්වනවනම්, දක්වන්නෙ ඔයා එයාගෙන් මොකක් හරි ලබා ගන්න  බලන් ඉන්නව නම් තමයි. මොනවගේ දෙයක් ද ඔයා එහෙම බලාපොරොත්තුවෙන් හිටියෙ?... අවධානය, සැලකිල්ලක් දැක්වීම, ඔයා ගැන හොයල බැලීම, උණුසුමට පහසක් ලැබීම, ලිංගික අවශ්‍යතා...තව ඕනිනම් සල්ලි, ඉඩකඩම් දේපළ, නම්බුව, තත්වය, තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගුණයහපත්කම් පවා බලාගෙන ඔයා එයාට ආදරය කරල තියෙන්නෙ කිව්වොත් පිළිගන්නවද? ඒ නිසා තමයි ඔයා එයාට එච්චර විශේෂත්වයක් දීල තියෙන්නෙ. ඉතින් ආදරය බොරුවක් නෙවෙයිද?
ඉතින් ඒ දේවල් එයාලා දෙනවනම් ගන්න. දුන්නෑ කියල අඬන්න තරහ ගන්න ඔයාට වලංගු නෑ. මොකද ඔයාගෙ ආදරේ ආත්මාර්ථකාමී නිසා. 
 
ඔයාට පුළුවන් අවංකවම හදවත සම්පූර්ණයෙන්ම විවර කරගෙන ආදරය කරන්න. හැබැයි එයාට විතරක් නෙවෙයි. මේ ලෝකෙ ඕනෙ කෙනෙක්ට ඔයා එහෙම ආදරය කරනව නම්.... ඒ කෙනා ඔයාට කවුරු උනත් එකයි. හම්බෙන හැමෝටම ඔයා ආදරෙයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි ඔයා ආදරය කරන්නෙ. කිසිමම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒක තමයි පිරිසිදුම ආදරය. ඇත්තම කතාව ඔයා  එයාට කරන්නෙ ආදරය නෙවෙයි. එයා ඔයාට කරන්නෙත් ආදරය නෙවෙයි. මේක බොරුවක්. ඇත්තටම ආදරය තියෙන්නෙ සම්බන්ධතාවයක් ඇතුළෙ නෙවෙයි. සම්බන්ධතාවයෙන් පිට. කිසිම දෙයක් සම්බන්ධ නොවූ තැන ආදරය තියෙනව. කොන්දේසි විරහිත ආදරය. ඒකයි පිරිසිදු ආදරය. ඒක තනියෙන් කරන තනියෙන් විඳින පරාර්ථකාමී හැඟීමක්. ඕනි කෙනෙක් කෙරෙහි ඕනි තත්වයක් උඩ හිඳ ඇති වන ආදරයක්. සම්බන්ධතාවයක් ඇතුළෙ කෙලෙස් වැඩියි. හේතුව, ගනුදෙනු වැඩියි. සම්බන්ධතාවයක් කියන්නෙම ඒකට. නැත්තන් ඒක සම්බන්ධතාවයක් වෙන්නෙ නෑ. සම්බන්ධතාවය කියන්නෙ ආදරය නෙවෙයි. ඒක ගනුදෙනුවක්. එයා ඔයාව හොයල බැලුවොත් ඔයා එයාව හොයල බලනව. එයා ඔයාට උදව් කරනකොට ඔයා එයාට කරනව. බැරි වෙලාවක්වත් එයාට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනොත් ඔයාට දුක හිතෙනව. තරහ යනව. මොකද එයා බැඳිල ඉන්නව ඔයාට දෙයක් කරන්න. ඔයා එයාව නම් කරල තියෙනවා ඔයාට උදව් කරන කෙනා විදිහට. ඒකයි කියන්නෙ එයා මගේ කියල. ඔයා එයාව වෙන් කරගෙන අනිත් අය අතරින්, ඔයාට ඕනි දේවල් ඉල්ලගන්න. ඉතින් ඒව එයාට කරන්න බැරි උනොත්....
සම්බන්ධතාවය දෙදරන්න ඉඩක් හැදෙනව. ඒකෙ අනිත් පැත්තත් එහෙම්මමයි. 
 
ඉතින් පිරිසිදු ආදරය තියෙන්නෙ සම්බන්ධතාවයක් තුළ විතරයි ද? ඇත්තටම සම්බන්ධතාවයක් උනත් ලස්සන වෙන්නෙ සම්බන්ධතාවයට අදාළ නැති, ඇත්තටම පරාර්ථකාමී මිනිස්සුන්ට විතරක් තියෙන අර කලින් කිව්ව කොන්දේසි විරහිත බව තිබ්බොත් විතරයි.     
කොන්දේසි විරහිත ආදරයක් තුළ උදව්වක් කරන්න බැරි උනොත් සමාවක් හම්බෙන්න තියෙන ඉඩ වැඩියි, නමුත් උදව්ව ලබා ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ඒක සම්බන්ධතාවයට ගැලපෙන්නෙ නෑ. ඇත්තටම සම්බන්ධතාවය කියන්නෙම ගනුදෙනුවක්. සැබෑ ආදරය තියෙන්නෙ කිසිම සම්බන්ධයක් නැති තැනක. ඇත්තටම එහෙම තැනක් කෙරෙහි ආදරය තියෙනවා නම් ඒක අසීමිතයි. කොන්දේසි විරහිතයි. 
 
ඉතින් , ඔයා මේ හොයාගෙන යන දේ කවදාවත් කවම කවදාවත් සම්බන්ධතාවය ඇතුලෙන් ගන්න බැහැ. ඒක මායාවක්. සම්බන්ධතාවය ඇතුලෙ ඉන්න කෙනාගෙන් ඒක හම්බුනොත් ලොකු අවබෝධයක් මඟින් කොන්දේසි විරහිතව ඕනෑම අයෙක් කෙරෙහි දක්වන අසීමිත ආදරය ඔබ වෙත දැක්වීම පමණමයි. පිරිසිදු ආදරය එයයි. මට කියා විශේෂ ආදරයක්, මගෙන් කියා විශේෂ ආදරයක් පිරිසිදුව නම් කිසිසේත්ම හුවමාරු නොවෙනු ඇත.

Comments

Popular posts from this blog

මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.

මම ඔවුන් රැක ගනිමි...