දූෂණය.... සැබැවින්ම පිටු දැක ඇත් ද?
කලින් කලට සංවර්ධන ව්‍යාපෘති ලෙස මහජනයා ඉදිරියේ ගෙන හැර පාන සමහර ව්‍යාපෘති හා යෝජනා නිසා දේශපාලකයින් හා බලධාරීන් තම මඩිය තර කර ගැනීමට පෙරැත්ත කරමින් සිටින බව ඔබ අප හොදින්ම හදුනන සත්‍යයකි. ඔවුන් බොහෝමයකගේ රාජකාරිය විධායක හෝ ව්‍යවස්ථදායක පියවර අනුගමනය කරමින් රට හෝ සමාජය සංවර්ධනය කිරීම වුවද සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නම්, තම මඩිය තර කරගෙන තම තමන්ගේ පෞද්ගලික ඵල ප්‍රයෝජනයට භාවිතා කිරීමයි. ඔවුන්ගේ මේ අරමුණු මුදුන්පත් කරගැනීමට ඔවුන් සිදුකරනා ක්‍රියාකාරකම් අතුරින් වඩාත්ම පිළිකුල්සහගත වන්නේ, අහිංසක ජනතාව මේ සදහා බිල්ලට දීමත් , සොබාදමින් මනුශ්‍යවර්ගයාට දායාද කොට ඇති දෙව්ලොවක් බඳු ස්වභාවික පරිසර පද්ධතීන් විනාශ කර දැමීමත් ය.
මේ කියන්නට යන්නේ තවත් එවන් සාපරාධී ක්‍රියාකාරකමකි. ඒ, පසුගිය රජය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස පෙරට ආ වත්මන් රජය විසින්ද අනුමැතිය හිමිකරගෙන ඉදිකිරීමට නියමිත සීතාවක රූකාෂල් ජලාශ ව්‍යාපෘතිය.
බලධාරීන් ගෙනහැර දක්වන පරිදි මෙම ව්‍යාපෘති ඔස්සේ සිදුවන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ , දැරණියගල ප්‍රදේශයේ සීතාවක ගංගාව හරස් කර ජලාශ දෙකක් ඉදිකිරීමයි. ඉන් එක් ජලාශයක් මගින් මෙගාවොට් 20ක ජලවිදුලියක් නිෂ්පාදනය කිරීමට යෝජනා කර ඇත. අනෙක් ජලාශ ව්‍යාපෘතිය මගින් පානීය ජලය ලබාගැනීමට අරමුණු කරන බව ඉදිරිපත් කර ඇත. එසේම ගංවතුර පාලනයට මෙය හේතු වන බව ද පවසමින් ජනතාවගේ සහය ලබා ගැනීමට ඔවුහු උපරිම උත්සාහයක් දරති.
ලංකාවේ පිරිසිදුම ස්වාභාවික ජලය ඇති දැරණියගල මෙලෙසින් විනාශ කරන්නේ අධික කොමිස් හා තත්පරයට ජනනය වෙන විදුලි ඒකකයට මුදල් සිය ගිණුමට බැර වෙන ව්‍යාපෘති බැවිණි.
මේ ව්‍යාපෘති සදහා තෝරා ගෙන ඇත්තේ, ලෝකයේ ප්‍රධානම ජෛව විවිධත්ව උණුසුම් කලාප 20න් එකක් වන සමනල අඩවියේ වූ මෙම ප්‍රදේශයයි. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ දහස් ගණනින් ජීවත්වේ. ඒ අතර ඖෂධීය ශාක , ඓතිහාසික වටිනාකම් වලින් යුත් ශාක වර්ග, ශ්‍රී ලංකාවට ආවේණික ලෝකයේ දුර්ලභ ගණයේ මත්ස්‍යයින් , උරගයින් , සමනලුන්, පක්ශීන් නිදහසේ දිවි ගෙවන නොඉඳුල් පරිසර පද්ධතියකි මේ.
මෙම ප්‍රදේශයේ දේශගුණය සලකා බැලූවිට , නිවර්තන තෙත් කලාපයකට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවේ ඉහළම වර්ශාපතනයක් සහිත තවත් එක් ප්‍රදේශයකි.
භූ විශමතාවය සැලකීමේදී , මධ්‍යම කදුකරයේ කදුවැටි වලින් වට වූ කදු නිම්න ගංගා, ඇළ දොළ ගහණ වූ , ඉහලම ශාක වැස්මක් පවත්වා ගැනීමට තුඩු දෙන කෘෂිකර්මාන්තයට ඉතාමත්ම සුදුසු රතු දුඹුරු ලැටසොලික් පස සහිත භූමියකි.
ඒත් සමගම අධික වර්ශාපතනය නිසා මෙන්ම , නුසුදුසු ඉදිකිරීම් නිසා නායයෑම් අවදානම් බහුල ප්‍රදේශයක් ද වන මෙය ජලාශ ඉදිකිරීමට යොදාගැනීම , දේශපාලනික බලපෑම් නොවන්නට විශය දත් භූ විද්‍යාඥයො නම් කිසිසේත්ම අනුමත නොකරති. මෙම ප්‍රදේශයේ කදු ගංගා හරස් කර වේලි බැදීම නිසා වන අවදානම ඉතාම ඉහළ වන අතර ඉන් සිදු විය හැකි ආපදා මගිනුත් පීඩාවට පත් වන්නේ ජනජීවිත හා පරිසර විනාශය මය. මේ ව්‍යාපෘතිය සමග ප්‍රකාශයට පත් කෙරුණු පරිසර වාර්තාව EIA මගින් අර්ධ වශයෙන් කොලේ වසා ඉදිරිපත් කර තිබෙන කරුණු ඔස්සේ වුවද පුළුල්ව අවධානය යොමු කරන ඕනෑම පුද්ගලයකුට එය පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇත.
මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් එමටය.
පසෙකින් කිතුල්ගල බෙලි ලෙනත්, පසෙකින් දිවාගුහාව නොහොත් බටතොට ලෙන් සමූහයත්, තවත් පසෙකින් දහයියා ලෙනත්, අනෙක් පසින් කාලි ලෙනත්, අනෙක් පසින් හිගුරංගලේ ලෙන ආදී ප්‍රාග් මානව ජනාවාස යැයි විශ්වාස කල හැකි නිසි පුරාවිද්‍යා ගවේෂණයට ලක්නොවූ බිමකට මැදිව පිහිටි දැරණියගල යට කිරීම ඉතිහාසය වසන් කිරීමේ උත්සාහයක් ද යන්න ගැටලුවකි.
වලගම්බා රජු විසින් සැගව සේනා සංවිධානය කල ප්‍රධාන බලකොටුවක් වන බල්ලැහල ගල කෑගල්ලේ උසම ස්ථානය වන අතර එයට පහළ කීරීහේන රජමහා විහාරය වලගම්බා රජු විසින් දඹුල්ල විහාර ආකෘතියක් ලෙස නිමවා ඇත තලියකට ජලබිංදුවක් වැටෙන ආකාරයට නිමවා ඇති මෙය දඹුල්ල විහාරය නිර්මාණය කිරීමට පෙර නිර්මාණය කරන ලද්දක් ද? යන්න තවම අනාවරණය කරගෙන නැත.
එහි උමං මාර්ගය කැළණි විහාරය දක්වා දිවෙන බව සදහන් උවත් එය මේ වනවිට අගුළු දා වසා දමා ඇත.
කුඹුරුලෙන රජමහා විහාරය වලගම්බා රජු විසින් තැනූ අනෙක් සුවිශේෂී ලෙන් විහාරයයි එයට යාබද කුඹුරුගම වැව් 30000ක් ඇති ලංකා දීපයේ කෘෂි ශිෂ්ඨාචාරය ආරම්භ කල ස්තානයද?
ශිරාන් දැරණියගල වැනි පුරාවිද්‍යා ජේෂ්ඨයන්ට පවා ගවේෂණයට අමතකවූ තමන්ගේ නාමික භූමිය හෙට දිනයේ ලොවට හොරෙන් වැනසීයාමට ඉඩදිය යුතුද ? නැත මේ ලංකාවේ ප්‍රධාන සමන් දේවාල හතරෙන් එකක් හිමි ඓතිහාසික භූමියයි කදුමැද නුවරයි.
මේ ප්‍රදේශය තුළ වූ සිත් ඇදගන්නා සුන්දර දියඇලි අතර මාලිබොඩ ඇලි හත, රක්කනා ඇල්ල , රාක්ක ඇල්ල, නක්කාවිට ඇල්ල , කලුවල ඇල්ල ආදී ප්‍රධාන කරගත් දියඇලි සමූහය මෙන්ම, ජනශුන්‍ය නොඉඳුල් හරිතවත් වූ වනාන්තර , කදුවැටි ද , ජනයා ගහණ වූ කලාප වල තේ සහ රබර් මගින් කෘෂිකාර්මික වූ ප්‍රදේශ ද ප්‍රමුඛ වේ.
කිසිදු ඉදිකිරීමක් සිදුනොකර මුළුමහත් ප්‍රදේශයම රක්ෂිත බවට පත් කර, දැඩි නීති රීති යටතේ, ලෝකයේ ස්වභාවික සෞන්දර්යය රිසි සේ විදීමට හැකි කලාපයක් ලෙස ඉදිරියට ගෙන ගොස් සම්මතයේ නොවූ ආකාරයෙන් සංචාරක කර්මාන්තය නගා සිටුවීම රිසි කලාපයකි. කදු ගංගා තරණය කරන්නට කැමති සංචාරකයන්ට මග පෙන්වා, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, නිරුවත් දෙපයින් සිට නැරඹිය හැකි වනාන්තරයක් ලෙස ප්‍රචලිත කරන්නට හැකිනම් , සංවර්ධිත යැයි පවසන රටවල කොන්ක්‍රිට් වනාන්තර වල දිවිගෙවන මිනිස්සුන් වුවද කෝටිප්‍රකෝටි ගණන් වියදම් කර හෝ මෙහි පැමිණ සොබාදහමේ දායාද දැක සතුටු වනු නිසැකය.
ලොව අන් රටවල් සංවර්ධනය යන ලේබලය ගසාගෙන කොන්ක්‍රිට් පුරවර ගොඩනගන යුගයක , ලොව කොහේවත් නැති දුර්ලභ ලේබලයක් ලෙස "ස්වභාවික පරිසරයට මුල්තැන" යන තේමා පාඨය මුල් කරගෙන දැනට ඉතිරිව ඇති හරිත අඩවියන් සියල්ල රක්ෂිත කර දමා ගෝලීයකරණය වූ ලෝකය තුළ ඉදිරියට පියමං තබන්නට ශ්‍රී ලාංකික අපට ලංකා භූමිය සැලසුම් කිරීමට හැකි වුවහොත්, එය; අනාගතයේ යම් දිනක ජාත්‍යන්තරයයේ ප්‍රබල රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් යුධවැදීමට තරම් වන සම්පතක් වනු ඇත. මන්ද, ගසක වටිනාකම විද්‍යාඥයින් දැනටමත් හෙලිකරගෙන හමාරය. හරිත සරසවි , හරිත නගර ආදී හරිත තේමා පදනම් කරගෙන ඉදිරියට ඇදීම මේ සදහා හොදම සාක්ෂි වේ.
අතිශයින්ම සාරවත් ස්වභාවික පරිසර පද්ධතිය වන මෙය , බලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ පෞද්ගලික හා පටු ලාභ ප්‍රයෝජන උදෙසා බිල්ලට දෙනවා ද?
මේ පිළිබඳ නැවතත් සිතා බැලීමට නුඹට භාරය.
සුරකිමු දැරණියගල (Protect Deraniyagala)

Comments
Post a Comment