ඔබත් මාන්නක්කාර පුද්ගලයක් ද ?

මාන්නය යනු මැනීමයි. මානය යි. මෙහි ප්‍රභේද කිහිපයකි .හීනමානය, අධිමානය, නියත මානය. හීනමානය යනු තමන් පහත් කොට මැනීමයි. අධිමානය යනු තමන් උසස් කොට මැනීමයි. නියතමානය යනු තමුන්ගේ මට්ටමට නියතවශයෙන් දැන ගැනීමයි. කෙසේ නමුත් මානය වනාහි සහිත චෛතසිකයක්මය, සංඥාව විකෘති ලෙස ග්‍රහණය කර ගැනීම මෝහයට මග තනයි. කෙතරම් දියුණු ආධ්‍යාත්මිකත්වයක් ඇති පුද්ගලයෙකුට හෝ යෝගියෙකුට පවා මානය පැවතිය හැක. මානය වනාහි මමත්වය මූලිකකොට ඇතිවන්නකි. නිර්වාණගාමී පටිපදාව වඩා එහි අවසාන ඵලය ලැබෙන තෙක් මානය ක්‍රියාත්මක වේ. එබැවින් ලෙහෙසියෙන්ම දුර කළ හැක්කක්ද නොවේ. මානය යනු සිත නැති කරන්නෙකුගේ අවසානයෙන් ම දුරු වන ගතිය බවට පැවසේ. කෙසේ නමුත් මානය කෙතරම් සියුම් දෙයක්ද යත් මමත්වය මුල්කොට ගත් බොහෝ අවස්ථාවල මානය පවතී. මාන්නය මුල්කොට ගත් සියළු අවස්ථාවල මමත්වය පවතී මානය දුරු කිරීමට උත්සාහ ගත යුතුය. මානය යනු විකෘතියකි. විකෘතිය දුරු කළ හැක්කේ ප්‍රකෘතිය මගිනි. එබැවින් මාන්නය,(මානය) යන්නෙහි විකෘති ගතියේ යථා ස්වභාවය හඳුනා ගැනීමෙන් මානය දුරු කළ හැක. ඉතා සියුම් මානයද සඳහා මේ ආකාරයට යථාර්ථය දැක වැඩිය යුතුය. මිථ්‍යාදෘෂ්ටියෙන් දුරස්වෙමින් සම්මා දිට්ඨියට ප්‍රවිෂ්ට විය යුතුය. මෙලෙස මග වඩන විටත් ඉතා සියුම් ලෙස මානය ඉදිරිපත් වී අප වඩන්නෙකු ලෙස ලේබල් ගැසීමට උත්සාහ දරාවි. මග වඩන්නෙකු යනු පුද්ගලයකු වශයෙන් දැකීමයි. එහි මමත්වය පවතී. එසේම එය මැන ගැනීමකි. එබැවින්ම මානයයි. එය සංඥාවක් මය. ඉන් ඇති ඵලයක් නොමැ
ත. එබැවින් එය අත් හැරිය යුතුය. ඵලයක් නොමැති සියල්ල ප්‍රථමයෙන් අත්හැරිය යුතුය. පසුව ඵලයක් ඇති ලෙස සිතා ගෙන ඇති දේවල් වල ඵලයක් නැති ස්වභාවය දැක අත්හැරිය යුතුය. මානය දුරු කිරීමට නිර්භයව ඉදිරිපත් වීමත් මානසික කායික මනා සංයමයත් සම්මා සතියත් තිබිය යුතුය.

Comments

Popular posts from this blog

අපි ආදරය කරන්නෙ ඇත්තටම ද?

මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.

මම ඔවුන් රැක ගනිමි...