අම්මා
අම්මා කියන්නෙ මේ ලෝකෙට මවල තියෙන පුදුමාකාර චරිතයක් . ඇත්තටම , මේ ලෝකේ සත්ත්ව විශේෂ අතරින් තමාගේ පැටියා බිහි කරන ජීවියාට වැඩිපුරම වටිනාකමක් ලැබෙන්නේ ක්ශීරපායි ලෝකයේ . ඒ අතරිනුත් Homo sapiens කියන විශේෂය ඉහලම තැන සිටිනවා. ඇත්තටම ඇයි ඒ?
මිනිස්සුන් කියලා කියන්නෙ ඔවුන්ගෙ මොළයේ දියුණුව , අවබෝධය ඉහලයි කියන ගණයට වැටෙන කකොට්ඨාශයක්. ලෝකය කුමක්ද , යථාර්ථය කුමක්ද යන්න අවබෝධය ට සුදුසුම සත්ත්ව විශේෂය මිනිසායි. ඒ තුළ ඇති අවබෝධ ඥාණය ඉතාමත්ම ඉහළයි. බුදු වෙන්නත් පුළුවන් මනුස්සයෙක්ට පමණයි. ඉතින් එහෙව් වූ උතුම් මනුෂ්‍යයෙක් මවන්න පුළුවන් පුළුවන් දෙන්න තමයි අම්මා සහ තාත්තා. අම්මා කියන්නෙ එතැන ලොකු කැප කිරීමක් කරන මිනිසෙක්. ඒ කැප කිරීමත් එක්ක ඇයව හදුන්වන්නේ, ලෝකයේ උතුම්ම පදවිය මව් පදවිය ලෙසයි .
ඇයි ඒ?
එයාලට දරුවො ලැබෙන්නේ දෙයක් ඉගෙනගන්නමයි. ඒ එයාලගෙ වාසනාවට ලැබෙන පදවියක් . ඒ පදවිය තුළ ඇය කරන කැපකිරීම් නිසා ඇයට සොබාදහමෙන් ලැබෙන ආශිර්වාදයක් ඒ. මොකද්ද ඇය ඉගෙන ගන්නෙ?
ඒ තමයි අත් හැරීම.
කොහොමද ඒ?
ඇගේ කුසට දරුවෙක් ආවම,
ඇය ඒ දරුවාව ආදරෙන් හදාගන්නවා. එතැන තියෙන්නේ සතර බ්‍රහ්ම විවරණ ගැබ් වුණ ආදරයක්. මෙත්තා, කරුණා ,මුදිතා, උපේක්ෂා කියන ගුණ හතර. තම දරුවා උදෙසා මේ හතර තුළ ආදරය කිරීමේ හැකියාව ඇය තුළ පවතිනව. ඒ බෝසත් ගුණාංග ඇත්තටම පාරමිතාවක් හා සමානයි.
ඊට පස්සෙ ඒ දරුවා කුසෙන් එලියට එනවා. එතැන අම්මාට ලැබෙන පලමු පාඩම අත් හැරීම.
පෙකණිය කපනවා. එතැන තියෙන්නේ අත් හැරීම. මේ පෙකණියෙන් දරුවාව වෙන් කිරීම දරාගන්න බැරුව, මානසික රෝග හැදුන අම්මලා ගැනත් අහලා තියෙනවා .
දරුවා උස් මහත් වෙනව. පාසල් යනවා. ගෙදරින් එළියට බහිනවා, ඒ දරුවා ලෝකය ගැන ඉගෙනගන්න යවනවා.
එතැන තියෙන්නේ අත් හැරීම. වෙනත් සහකරුවකු හෝ සහකාරියක් තම දරුවාට ලං වෙනවා. අම්මා කෙනෙක් ලෙස ඇයට ලැබෙන්නේ අත් හැරීම. ඉන් පසුව දරුවන් තනිවම තීරණ ගන්නවා. ඒ තීරණ අම්මා අකමැති දේවල්. එතැන තියෙන්නේත් අත් හැරීම. දරුවන් විවාහ වෙනවා තමන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා එතැන තියෙන්න අත් හැරීම.
ඇත්තටම දරුවා කියලා කියන්නෙ අත් හැරීම යනු කුමක්ද කියලා අම්මටයි තාත්තාට යි උගන්නන්න ආපු කෙනෙක්. මිනිස් ලෝකෙට එන දරුවා, තම අම්මයි තාත්තයි නිසා කුස පිරෙන කොට, තනි නොවී ආදරය ලබනකොට ලෞකික සතුට විදිනකොට, දරුව නිසා අම්මටයි තාත්තාටයි ලැබෙන්නෙ මිනිසත්බවේ උත්තරීතරම අවස්ථාකට මග පාදන අත් හැරීම නම් පාඩමයි. එදා සිදුහත් කුමරු මෙලොව එලිය දුටු විට මහමායා දේවිය කිසිසේත්ම නොසිතන්නට ඇති තමුන් තමයි මේ ලෝකයෙ වාසනාවන්තම කාන්තාව බව. ඇයගේ අත් හැරීමෙන් ලොවට දන් දුන්නේ පරම සත්‍ය නම් වූ මහා ආලෝකයේ රැස් තුන් ලෝකයටම විහිදුවාලන බුදුකෙනෙක්. එහි ඵලය ඇයට හිමිවුණේ උතුම් වූ අවබෝධය තුළින්මයි. සංසාරය පුරාම, බෝසතාණන් වහන්සේ සේම ඇයත් කුසල් වැඩුවා පාරමිතා පිරුවා බොඉසතුන්ගෙ මව වී ලොකසත්වයාට නුවණැස පහළ කරවන්න. ඒ විතරක් ද යශෝධරා දේවිය. මාර පරාජය නම් දැවැන්ත සටනේ සාරාසංඛෙය්ය කල්ප ලක්ශය්ක් පුරාවට අනන්ත වූ කැප කිරීම් කළ දැවැන්ත කාන්තා සෙන්පතිනියන් තමා ඔවුන්. ඒ තමයි අම්මලා.
ඉතින් ඒ උතුම් චරිතය වෙනුවෙන් ලෝකයේ දින පොතේ අද දවස වෙන්වෙලා තිබ්බ නිසා මගේත් තවත් අයගේත් සිතුවිලි හා හැගීම් පොදියක් වචන බවට පත් කරාට අම්මා කියන උතුම් චරිතය ලෞකිකත්වය මෙන්ම ලෝකෝත්තරත්වය වෙනුවෙන්ම සටන් කරන මිනිසෙක් බව මෝහය නැමැති අන්ධකාරය දුරු කරන්න කැප වෙන මනුශ්‍යයින්ගේ ලෝකයේ වැදගත්ම තැන උසුලන බව කිවහැකියි.

Comments
Post a Comment