සොබාදහමට එක්වීම.

ආධ්‍යාත්මය විවෘත කිරීම.




ඔබ ඔබව හිරකරගෙන සිටින තාක්කල් ඔබට ඔබව නිරීක්ෂණය කළ නොහැක. ඕනම දෙයක් විවෘත කිරීමෙන්, නිදහස් කිරීමෙන් එහි ස්වාභාවය නිවැරදිව දැකිය හැක. එහි කෙතරම් වැරදි තිබුණත් කමක් නැත. වැරදි සියල්ල දැකීමට තරම් ඔබ නිර්භය වන්න.

නිර්භීත වන්න. ඔබ ඔබව විවෘත කිරීමෙන් පසු ඔබ දකින ඒ අමිහිරි , අශීලාචාර, අසංස්කෘතික, පහත් චරිතය, ඔබ නිර්භීත ව නිරීක්ෂණය කරන්න. එසේ දකින විට ඔබ ගැන ඔබට කලකිරෙනු ඇත.  එපාවෙනු ඇත. මන්ද ඔබ තුළින්  ඔබ බලාපොරොත්තු වූයේ සුවිශේෂී වැදගත් ශීලාචාර බෝසත් ගුණාංග පිරි චරිතයක්. නමුත් ඔබ ඔබව විවෘත කළ මොහොතේ පටන් ඔබට දක්නට දක්නට ලැබෙන්නේ  ඉතා අප්‍රසන්න අශීලාචාර චරිතයක්.
නමුත් අවබෝධ කර ගත යුතු කරුණ නම් ඔබේ ආත්ම ශක්තිය,  " එවන් දුෂ්ටයෙක් ඔබ තුළ සිටිනවා" යැයි දැකීමට තරම් වැඩිදියුණු කරගන්න.
නිහතමානී ව පිළිගන්න ඔබ එතරම් පහත් බව. ඔබ තුළ පෙරදී ඔබ සිතා සිටි බෝධිසත්වයන් සේම දේවදත්තලා ද සිටින බව නුවණින් දකින්න. ඒ දෙකම මධ්‍යස්ථව දකින්න. ඔබ කැමති ආකාරයට නොවේ ඔබේ සිත ක්‍රියා කරන්නේ. මෙයින් වැටහෙන්නේ කුමක්ද ?
ඔබේ සිතවත් ඔබේ චරිතය වත් ඔබට හිමි නොවන බව නොවේද. සියල්ල අයත් වන්නේ ස්වභාවිකත්වයටයි. එනම් මින් අදහස් කරන්නෙ "ඔබ කරන දේවල් වල වගකීම ඔබේ අතේ නොමැති" ලෙස ගැනීමට තරම් බොළඳ නොවන්න. ස්වභාව ධර්මයා වනාහි හේතුඵල දහම යි. එනම් සියල්ල සකස් වන්නේ හේතුවක් ඇතිවය. ඔබ අවබෝධය කියන මාර්ගයේ ගමන් කළ හැකි ප්‍රඥාවන්තයෙක් නම් අන්ත දෙකම සමසමව දරාගත හැකි ආත්ම ශක්තියකින් යුක්ත විය යුතුයි.  ඔබ ඔබව බොහෝ විවෘත කර නිරීක්ෂණයේ යෙදෙන විට බෝධිසත්වයන්; යමපල්ලන් ව නිහඬව දරා නිරීක්ෂණයේ යෙදෙන්න. නිහතමානි නිරීක්ෂණයේයෙදෙන්න. බාහිරට ඒවා විවෘත කරන්න.  ඔබ තුළින් ඒවා බාහිරට ගලා යන්නට ඉඩ දෙන්න.
වරූපය , යථා ක්‍රියාකාරීත්වය, හැසිරීම නිරීක්ෂණය කළ හැක. එමෙන්ම ඔබේ ජීවිතය, හා යථාර්ථය අවබෝධ කරගත හැක්කේ පැහැදිලි  දැක්මක් තුලිනි. එසේ ඔබව නිරීක්ෂණය කිරීමට නම් ඔබ ඔබව විවර කරන්න. ඔබ තුළ කෙතරම් වැරදි තිබෙනවාද ඒවා නිර්භීතව දකින්න.

එහිදී සිදුවන එක දෙයක් නම් සමාජය ඔබට බැන වදීවී. ඒ බැනුම් දෙස නොසැලී බලා සිටින්නට තරම් ශක්තිමත් වන්න. ඇතුලත ඇති කුණු එළියට ඇද දමන්න. ඒවා දකින සමාජය නිසැකවම ඔබට බැන වදීයි.  නොසැලී සිටින්න. පිළිතුරු නොදෙන්න. ඒ බැනුම් හමුවේ දියුණු කළ හැකි " නින්දා අපහාස හමුවේ කම්පා නොවී දරා සිටීමේ ගුණාංගය"  වර්ධනය කරගන්නට ඒ බැනුම් නින්දා උපකාරී කරගන්න. ඇතුළාන්තය විවෘත කිරීමේදී පිටතට ගලා යන බෝසත් ගුණාංගද  බාහිරට ගලා යන්න ඉඩ හරින්න. ඒවා දකින සමාජය ඔබ වෙත දක්වන ප්‍රශංසා; ආශිර්වාද නොසැලී දරාගන්න. මැදිහත්ව දරාගන්න. මේ සියල්ල තුලින්ම අපට නොපෙනෙන මහා විශ්ව ශක්තියක්  හේතු ප්‍රත්‍ය අනුකූලව ගොඩනැගී ඔබව අවබෝධය කරා ගෙන යයි. අවශ්‍ය වන්නේ සත්‍යවාදී වීමයි. සත්‍යවාදී බව යනු ශ්‍රේෂ්ඨ ගුණයකි. දහසක් බුදුවරු පහළ කළ ඒ උදාර ගුණය සත්‍යවාදී බව යි. ඔබේ අධිෂ්ඨානය සත්‍ය අවබෝධ කර ගැනීම නම් ඊට ප්‍රථමව තිබිය යුතු ගුණාංගය ස්ත්‍යවාදී බවයි. එනම් හරි හෝ වැරැද්ද කුමක් වුවත් සත්‍ය හෙළිදරව් කිරීමේ හැකියාවයි. ඇතුලත කුමක්ද පිටත ද එයමයි. පිටත කුමක්ද ඇතුලතත් එයමයි. කිසිදු සැඟවීමක් නැත. සත්‍ය කරා යන මාර්ගයේ තම පළමු  දක්ෂතාවය සත්‍යවාදී වීමයි.  සත්‍යවාදී වීම,  පින පව; අකුසලය කුසලය; හොඳ නරක සියල්ලටම වඩා පෙරමුණ ගෙන ක්‍රියා කරයි. එබැවින් ඔබේ අධ්‍යාත්මය; ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම විවෘත කර, සොබාදහමට එක්වන්නට ඉඩ හැර නිදහස් මිනිසෙකු වන්න. 

Comments

Popular posts from this blog

අපි ආදරය කරන්නෙ ඇත්තටම ද?

මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.

මම ඔවුන් රැක ගනිමි...